පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස්වූ බවට පර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වා යැවීමත් සමග ඔහුගෙන් හිස්වූ අසුනට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත්වීමට නියමිතව තිබේ.
රන්ජන් රාමනායක මහතා සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගත් පුද්ගලයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.
එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට පාර්ලිමේන්තු අසුන් හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමිව තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට මනාප පවතින අපේක්ෂකයා පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එම පක්ෂයෙන් පස්වැනි ස්ථානයට මනාප ලබාගෙන ඇති අතර ඒ අනුව ඔහු ඉදිරියේදි මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමට නියමිතව තිබේ.
ඔහුගේ නම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවිසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමෙන් අනතුරුව ගැසට් පත්‍රයක් මගින් ඔහු මන්ත්‍රීවරයෙක් බවට පත්වූ බවට ප්‍රකාශ කිරීමට නියමිතය.