පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින්අධිකරණයට අපහාස කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කිරීමට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය .
ඒ මහතා එම අදහස් පළ කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (12) පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වසර 35ක පාර්ලිමේන්තු දිවිය තුළ තමන් කිසි විටෙකත් අධිකරණයට සම්බන්ධ කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීම් සිදු කර නොමැති බවත් එවැනි වැරදි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දඬුවම් ක්‍රියාත්මක විය යුතු බවයි.
මීට පෙර එස්. බී. දිසානායක මහතාට ද අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුවම් විඳීමට සිදු වූයේ යැයි ද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න