අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී.
රන්ජන් රාමනායක මහතා බැහැ දැකීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදආරච්චි මහතාද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සහභාගි වීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා '' ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව, ව්‍යවස්ථානු කුලව විද්‍යානුකුලව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් රන්ජන් රාමනායක මහතාට යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී සිටිනවා .රන්ජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් නන් අයුරින් ඉෂ්ට කරපු දැවැන්ත යුග පුරුෂයෙක්''