පිටිගල බොරළුහේන ප්රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකාගෙන යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයේ (23)අත්අඩංගුවට ගත්බව පිටිගල පොලීසිය පවසයි.
මෙකි කාන්තාව නිවසේ සිටියදි ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා කාන්තාවගේ ගෙල බැදි රන්මාලය කඩාගෙන පලායමින් සිට ඇත. පොලීසියට මේ පිළිබද ලැබුණු තොරතුරකට අනුව මොවුන් පසු පස හඹාගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ එක් කොල්ලකරුවකු කොල්ලකනු ලැබු රන් මාලය ගිල තිබේ. පසුව පොලීසිය විසින් ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකොට බඩ විරේක කොට ගිලනු ලැබු රන්මාලය සොයාගෙන ඇත.
මෙකි රන්මාලයේ වටිනාකම රුපියල් 1.05000ක් පමණ වන බව පොලීසිය පවසයි. මින් එක් සැකකරුවකු මෙම නිවසේ කුරුදුතලා ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. සැකකරුවන් දෙදෙනාම දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහිවි සිටින අය බවද පොලීසිය පවසයි. සැකකරුවන් දෙදෙනා ඌරගහ ප්රදේශයේ පදිංචිකරුවන් වෙති.
ජිනේෂ් නානායක්කාර