රුධිර පීඩනය අවම කිරීම මගින් ජීවිත රැක ගැනීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධ හා ආඝාතනය ඇතිවීමේ අවදානමක පසුවේ.
නමුත් අධි රුධිර පීඩනය ඖෂධ භාවිතය හා ජීවන රටාවේ ඇති කරන වෙනස්කම් මගින් පාලනය කිරීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ අනුව බස්නාහිර පළාත තුළ අධි රුධිර පීඩනය කළමනාකරණය කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර මෙම වැඩසටහන මගින් අධි රුධි පීඩනය සඳහා සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේද භාවිත කිරීම කෙරෙහි අවධානය යොමුකරයි.
එසේම රෝගියා කේන්ද්‍ර කරගත් සත්කාර ක්‍රමයක් ගොඩනැගීම හා සෞඛ්‍ය සේවකයන් විසින් රේගීන්ට උසස් තත්ත්වයේ සත්කාර සේවාවක් ලබාදීමට ඉඩ සැලසීම සඳහා දත්ත භාවිතය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙයි.
මෙම වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙස දෛනික ආහාර වේලේ ලුණු අඩු කිරීම ප්‍රවරධනය කිරීම සිදුවෙයි. අධි රුධිර පීඩනයට අධික ලුණු භාවිතය අවධානම් සාධකයක් බව සැලකේ.