බදුල්ල දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහල සැලකිය හැකිය.
අද (03) උදැසන වන විට ඇගළුම් ආයතනයේ සේවකයන් 176ක් සදහා කොරෝනා රෝගය වැලදී ඇති බවට සිදු කරන ලද රසායන පරික්ෂණ වාර්ථා තහවුරු කරන බවට රිදිමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
ඊයේ (02) දින ඇගළුම් ආයතනයේ 245ක් සදහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදු කල අතර ඉන් 63ක්ද පොසිටිව් වීම සැලකිල්ලට ගනිමින් ඊයේ හැන්දෑවේ සිට ඇගළුම් ආයතනට සෞඛ්‍ය අංශ උපදෙස් මත තාවකාලිකව වසාදැමීමට කටයුතු කළේය.
ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 2500කට අධික ප්‍රමාණයක් සේවයේ නියැලී සිටිති.
මහියංගණ - රංජිත් කරුණාවීර