බදුල්ල දිස්ත්‍රික්කයේ ශිඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල යෑම සැලකිය හැකිය.
ඊයේ (06) සවස වන විට ඇගළුම් ආයතනයේ සේවකයන් 379ක් දෙනාට කොරෝනා රෝගය වැලදී ඇති බවට සිදු කරන ලද රසායනාගාර පරික්ෂණ වාර්ථා තහවුරු කරන බවට රිදිමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පසුගිය 01 වන දින සිට ඇගළුම් ආයතනය සෞඛ්‍ය අංශ උපදෙස් මත තාවකාලිකව වසා දැමීමා ඇත.
ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 2500කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියැලී සිටිති.
ඇගළුම් ආයතනයේ සේවිකාවන් 1500කට ආසන්න ප්‍රමාණයක සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාද ලැබීමට නියමිතව ඇත.
එසේම මහියංගණ නගරය ආසන්නයේ තවත් ඇඟළුම් ආයතනයක් රෝගීන් 108ක් වාර්ථාවීමත් සමඟ තාවකාලිකව වසාදමා ඇත.
සමස්ථයක් ලෙස මහියංගණය හා ගැමුණුපුර ඇඟළුම් ආයතන දෙකෙහි පමණක් රෝගීන් පෙරේදා සවස 487ක් වාර්ථාවී ඇත.
මෙම ඇඟළුම් ආයතනය දෙකෙහි සේවකයන් මහියංගණ, රිදිමාලියද්ද, ගිරාදුරුකෝට්ටේ හා මිනිපේ යන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල විසිරි පැතිරී සිටිම හේතුවෙන් අඩු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් සංඛ්‍යාවක් යටතේ අඩු වාහන පහසුකම් යටතේ සේවා කටයුතු සැපයීමට සිදුවීම ගැටළුවක්ව පවතී.
එසේම සේවකයන් සදහා සිදුකරන පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ලැබීමටද දින කිහිපයක් කල් ගතවීමද තවත් ගැටළුවක්ව ඇත.
අඩු පහසුකම් යටතේ සිය රාජකාරි සිදු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හේතුවෙන් රෝගී වු රෝගින් රැසක් දින කිහිපයක් නිවසේම රැදිසිටීමට සිදුවීම හා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට ප්‍රමාදවීම හේතුවෙන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ද දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත.
මහියංගණ - රංජිත් කරුණාවීර