රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින් අප්‍රේල් මස 05 දා හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ නොයෙක් හේතු මත ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා මෝටර් වාහන පනත අනුව දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසළකා ගෙවීම් කිරීමට එනම් අතිරේක දඩ මුදල් නොමැති ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එමෙන්ම වසංගත කාලය තුළ ඉදිරියේදීද නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීමට සම්මත දින සිට දින 14ක කාලසීමාක් ඉක්මවා ගියද දිවයින පුරා ඕනෑම තැපැල් කාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් අතිරේක දඩ මුදලක් රහිතව ගෙවීම් සිදු කිරීමට මහජනතාවට හැකියාව ලැබෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සහන කාලය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.