රත්මලාන ප්‍රදේශයේ පිහිටි චීන ප්‍රධාන අවන්හලක සේවකයින් 9 දෙනෙකුටම කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව අද දින සවස ලද පී.සී. ආර්.වාර්ථා අනුව සනාතවීමෙන් අද දින සිට එම අවන්හල වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය
මෙම ආයතනයේ සේවකයින් 13 ක් සදහා ඉකුත් 18 වන දින සිදුකල පී.සී.ආර් පරීක්ෂණයේදී ඉන් සේවකයින් 9 දෙනෙකුටම කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට 19 පස්වරුවේ පැමිණි වාර්ථා අනුව සනාතවීම නිසා ඊයේ දින පස්වරුවේ එම ආයතනය සම්පූර්ණයෙන් වසාදමා ආශ්‍රිතයින් 4 දෙනෙකු එම ස්ථානයේම නිරෝධායනයටද යොමු කිරීමෙන් අනතුරුව ආසාදිතයින් 9 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යැවීමටද කටයුතු කරනු ලැබූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල