ඩුබායි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් රුපියල් ලක්ෂ 6ක මත්කුඩු සමග ඊයේ 21 අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 500 හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක්ලක්ෂ 9000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත
ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජිත ඒකනායක මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 42 පසුවන්නන් ය
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය