රත්නපුර දිස්ත්‍රික්කයෙන් 16දා දිනය තුළදී පමණක් කෝවිඩ් ආසාදිතයන් 99ක් වාර්තාවී ඇති අතර මේවන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1616ක් කෝවිඩ් ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 17දා පැවසුවාය.
මෙම තත්ත්වය ඉතා අවදානම් බව කී දිස්ත්‍රික් ලේකම්වරිය ගෙවුනු 07දා සිට 16දා දක්වා වූ දින දහය තුළදී පමණක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් කෝවිඞ් ආසාදිත බව තහවුරු කළ පුද්ගලයන් සංඛ්‍යාව 1312ක් බව ද සඳහන් කළාය.
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 29ක් හුදකලා කර ඇත. මුලින් ග්‍රාම නිලධාරි වසම් 30ක් හුදකලා කර තිබුණ අතර ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසමේ පමණක් මේවනවිට හුදකලා බව ඉවත් කර ඇත.
වැඩිම ග්‍රාම නිලධාරී වසම් ගණනක් හුදකලා කර ඇති කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගෙවුනු දින දහය ඇතුළත කෝවිඩ් 19 ආසාදිතයන් 185ක් වාර්තාවු බවද දිස්ත්‍රික් ලේකම්වරිය කීවාය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මුල්ම කෝවිඩ් ආසාදිතයා හමුවූ දින සිට පසුගිය 16දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කෝවිඩ් ආසාදිතයන් ගණන 6013කි. ඉන් පුද්ගලයන් 4397ක් මේවනවිට සුවය ලබා ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
අජිතලාල් ශාන්ත උදය