රත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම අද (25දා) අලුයම 5.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03) දක්වා ඉහළ ගොස් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ.
කලූ ගඟ පෝෂණය වන කුරු, වේ, නිරිඇලි සහ දෙනවක් යන ගංගාවල ද ජලමට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. එම ගංගා වල ඉහළ ප්රදේශයන්ට වරින්වර වැසි ඇද හැලෙයි.
කලුගඟේ ජල මට්ටම මීටර් 07.5 ඉක්මවූ විට අවට ප්රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙයි.
පහත්බිම් වල ඇති මාර්ග ජලයෙන් යටවීම නිසා එම පහත්බිම් ප්රදේශවල වාහන ගමනාගමනයට ද බාධා එල්ල වෙමින් පවති.