මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇත. ලබන ඉරිදා (30) රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.