උණ රෝගී තත්ත්වයක් මත 1990 ගිලන් රථ සේවයෙන් රත්නපුර ශීක්ෂණ මහ රෝහලට ඇතුළත් කළ මුල්‍ය පහසුකම් සපයන රත්නපුර නගරයේ ලීසිං ආයතනයක සේවය කළ කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වු සේවකයා ඇසුරු කළ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්ෂණ සිදුකිරිමට උපදෙස් දුන් බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද පැවසුවේය.
අවුරුදු තිහක් පමණ වයසැති මෙම සේවකයා සේවය කළ රත්නපුර නගරයේ ලීසිං ආයතනයත්, ඔහු ගිය බවට සැකකරන බලන්ගොඩ නගරයේ ලීසිං ආයතන ශාඛාවකුත් මේ වනවිට වසා දමා ඇත.
රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ පසුගිය 05දා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් මෙම සේවකයාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔහු ඇඹිලිපිටිය නායකත්ව ජාතික මධ්‍යස්ථානයේ පිහිටි කෝවිඩ් ආසාදිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයා පැවසීය.
වතු ආශ්රිත ජනතාවක් වැඩිදුර වාසය කරන රත්නපුර කරපිංච ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු රෝග ලක්ෂණ තිබියදී ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් ද පවුලේ සමීපතමයින්ද නිරෝධායනයට ලක්කර පිසීආර් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දුන් බවද සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේය.
මේ අතර ඔහු සේවය කළ රත්නපුර කාර්යාලයේ සේවකයින් මේ වනවිට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටි. මෙම සේවකයා කොරෝනා රෝග ලක්ෂණ තිබියදී සමාජයේ වැඩිපුර ගැවසී ඇති තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා සුදුසු පියවර ගැනීමට වසංගත රෝග විද්‍යා අංශයට දැනුම්දුන් බවද සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළේය.