රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුලූව හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීම නිසා වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ්‍රීත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලූ 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ රෝඞ්රිගු මහතා අද පැවසීය.
මේ හේතුව නිසා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමෙන් රත්නපුර මහ රෝහලේ 24, 25 වාට්ටු සහ 6 වාට්ටුවේ කොටසක් වසා දමා ඇති බවද රෝහල් අධ්යක්ෂවරයා කීවේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිසාපති කාර්යාලයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්යක්ෂවරයා මේ බව පැවසීය.
එක් වෛද්‍යවරයෙක්, හෙද කාර්ය මණ්ඩලයේ හතර දෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට මෙසේ කෝවිඞ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන් පල්ලෙකැලේ, ඇඹිලිපිටිය සහ කහවත්ත යන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්නා බව ද පැවසීය.