රත්නපුරය පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා සායන පුහුණුව ලබා දීමට රත්නපුරය පළාත් මහ රෝහල තෝරා ගෙන ඇත.
එම රෝහල මගින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වන විට සෞඛ්‍ය සේවා සපයන අතර, උපාධි අපේක්ෂකයන් සඳහා වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, රෝග නිශ්චය සහ අනෙකුත් සමාන්තර සෞඛ්‍ය සේවාවන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල සංවර්ධනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා උපාධි අපේක්ෂකයන් 75 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම බඳවා ගැනීමට නියමිතය.
සායනික පුහුණුව සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකකය ඇති කිරීම සඳහා රෝහලේ පහසුකම් වැඩිදියුණු කරමින් ශික්ෂණ රෝහලක් ලෙස එය නම් කර ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.