කෝවිඞ් 19 වසංතත්ත්වය හමුවේ ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක ද ප්‍රතිකාර පහසුකම් වැඩි කිරිමට පියවරගත් බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
විඩියෝ තාක්ෂණය ඔස්සේ රත්නපුර දිස්ත්‍රික් කෝවිඞ් මර්දන කමිටුව අමතමින් ඔහු මේ බව අද (06) පැවසීය.
පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැුස්විය.
ඒ අනුව කොවිඞ් 19 වෛරසය ආසාදිතවුවන්ගේ පළමු සහ දෙවන මට්ටමේ රෝගීන් වෙනුවෙන් රෝහල් ඇදන් 1070ක් සහ තුන්වන මට්මේ රෝගීන් වෙනුවෙන් ඇදන් 60ක් ද මේවන විට රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල සූදානම්ව ඇති බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කීවේය.
රෝග ලක්ෂණ නොමැත වෛරසය ආසාදිත වූවන් පළමුවන මට්ටමට අයත් බව කී වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඔවුන් වෙනුවෙන් ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ ඇදන් 220ක් ද, විදුලිබල මණ්ඩලයට අයත් ඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇති පුහුණු මධ්‍යස්ථානයේ ඇ`දන් 100ක්ද, කහවත්ත රුවන්පුර විද්‍යා පීඨයේ ඇ`දන් 320ක් ද මේවනවිට ස්ථාපිත කර ඇති බව කීවේය.
එසේම පළමුවන මට්ටමේ ආසාදිතවූවන් වෙනුවෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව රෝහලේ ඇ`දන් 50ක් ද, කල්තොට රෝහලේ ඇ`දන් 20ක්ද, රක්වාන රෝහලේ ඇ`දන් 50ක් ද, නිවිතිගල රෝහලේ ඇ`දන් තිහක් සහ කලවාන රෝහලේ ඇ`දන් 06ක් කාන්තා සහ පිරිමි රෝගීන් වෙනුවෙන් සුදානම් කරමින් පවතින බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.
කෝවිඞ් රෝගින් බවට සැකකර පීසීආර් පරීක්ෂණවලට ලක්කර ප්‍රතිඵල ලැබෙන තෙක් සිටින රෝගීන් වෙනුවෙන් ඇදන් 60කින් යුත් ඇඹිලිපිටිය පළාත් මහ රෝහලේ උගුර, කණ, නාසය වාට්ටුව කඩිනමින් සුදානම් කිරිමට පියවරගෙන ඇතිබවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළේය.
දෙවන මට්ටම ලෙස සලකනු ලන්නේ කෝවිඞ් ලෙස තහවුරුකළ පුද්ගලයනි බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය. එවැනි රෝගින් වෙනුවෙන් ඇදන් 12ක් වහා සූදානම් කරන ලෙස ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂවරයාට දැනුම් දුන් බවද වෛද්‍ය කපිල කන්න්ගර මහතා කීවේය.
ඇහැලියගොඩ මූලික රෝහලේ වාට්ටු දෙකක ඇදන් 80ක් හා කොලොන්න මුලික රෝහලේ ඇදන් 32කින් යුතු වාට්ටුවක් ද, දෙවන මට්ටමේ කාන්තා සහ පිරිමි රෝගීන් වෙනුවෙන් සූදානම් කරමින් පවතින බවද ඔහු කීවේය.
එසේම බළන්ගොඩ මූලික රෝහලෙ කෝවිඞ් වාට්ටුවේ දැනට ඇති ඇදන් සංඛ්‍යාව 30ක් වන බවත් එය 50ක් දක්වා වැඩිකිරිමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.