කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකේ සියලුම පීසීආර් පරීක්ෂණ සහ කොළඹ ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් යොමුකරන සාම්පල් ද ද සමග ඊයේ දින රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ දී පීසිආර් පරීක්ෂණ 130ක් පමණ සිදුකළ බව වෛද්‍ය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද (28) දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 27දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17න් කෝවිඞ් 19 ආසාදිතයන් 30ක් හමුව ඇති බවයි.
වැඩිම ආසාදිත පිරිසක් රතනපුර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් වාර්තාවී ඇත. එය පිළිවෙලින් නවයක් සහ අටක් ලෙසිනි. කිරිඇල්ලෙන් සිවු දෙනෙක් ද, ඇලපාත, කහවත්ත සහ ඇඹිලිපිටිය යන කොට්ඨාස වලින් දෙදෙනා බැගින් ආසාදිතයන් හයදෙනෙක් වාර්තා වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ. කුරුවිට, අයගම සහ ගොඩකවෙල යන කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ආසාදිතයින් තිදනෙක් වාර්තා වී ඇත.
කොරෝනා රෝගය රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මේ වනවිට පුද්ගලින් 2000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර අවශ්‍ය අයගේ පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකරන බව රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.