රත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය 19 දා ඇතිවුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් අද (24 ) වනවිටත් විපතට පත්වූ පවුල් 30ක සාමාජිකයන් 122ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.
රත්නපුර අයගම බලංගොඩ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුරක්ෂා මධ්‍යස්ථානවල මෙම පිරිස රඳවා සිටින අතර ඔවුන් අවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් සලසා දී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති අතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට සාමාන්‍ය වැස්සක් ඇද වැටෙන බවද වාර්තා වේ.
රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ කොට්ඨාස 17ටම ආපදා තත්ත්වයන් බලපෑ අතර පවුල් 5124ක පුද්ගලයන් 19,337ක් ආපදාවට ලක්වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.
රත්නපුර , කලවාන ,ඕපනායක බලංගොඩ, නිවිතිගල ,පැල්මඩුල්ල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑම් දෙවන යාමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අවදානම් ස්ථානවල සිටින ජනතාව වර්ෂාව පවතින අවස්ථාවලදී අවධානය සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම