රත්නපුර දිස්ත්රික්කයේ කෝවිඞ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් දෙදෙනෙක් කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බව පවසන රත්නපුර දිස්ත්රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය දිස්ත්රික්කය තුල පුද්ගලයින් 200ක් පමණ සියං නිරෝධායනයට යොමුකර ඇතිබව 09දා පැවසුවාය.
මේ පිරිස අතරින් තිදෙනෙක් දැනට රෝහල් ගතකර සිටින අතර සෙසු පිරිස සිය නිවෙස්වල නිරෝධායනයට ලක්කර ඇති බවද පවසන්නීය. ඇඳිරිනීතිය පනවා නැතත් සංචරණ කටයුතු සීමා කරන්නැයි ද දිස්ත්රික් ලේකම්වරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
අජිත්ලාල් ශාන්තඋදය