රත්ගම ප්රාදේශීය සභාවට අයත් ප්රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්රාදේශීය සභාපති ටී .නිමල් මහතා කීවේය.
රත්ගම ප්රාදේශීය සභාව නියෝජනය කරන ප්රාදේශිය සභා මන්ත්රිවරුන්ගෙන් හා ප්රදේශවාසින්ගෙන් සිය ප්රදේශවල තිබෙන අනවසර ඉදිකිරීම් පිළිබඳව ලැබෙන තොරතුරු සොයා බලා මේ පියවර ගන්නා බවද නිමල් මහතා කීවේය.
මෙහිදී කිසිවිටකවත් පාට පක්ෂය උස් ,පහත් භේදයක් නොසළකා අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
සිය බල ප්රදේශයේ ඇති අනවසර ඉදිකිරීම් විශාල පාරිසරික ගැටලු ඇති කර ඇති බවත් විශේෂයෙන්ම මීට දින කිහිපයකට උඩදී ඇදහැලුනු වර්ෂාවෙන් මින් පෙර කවදාවත්ම යටනොවුනු ප්රදේශද වැසි ජලයෙන් යටවුනු බවත් එය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගන්නා බවද සභාපතිවරයා කීවේය.