කොරෝනා වෛරසය පැතිරීම සහ එහි නව ප්රභේදයන් මැඬපැවැත්වීම සඳහා සෞදි අරාබිය විසින් සෞදිය විසින් 'රතු ලැයිස්තුවට' ඇතුළත් කළ රටවලට සංචාරය කරන පුරවැසියන්ට වසර තුනක සංචාරක තහනමක් පනවන බව කියයි.
2020 මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වතාවට බලධාරීන්ගේ පූර්ව අවසරයකින් තොරව මැයි මාසයේදී විදේශගත වීමට අවසර දුන් ඇතැම් සෞදි පුරවැසියන් සංචාරක රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව නම් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.
"මෙසේ සංචාරක තහනම් යොදා ඇති රටවල සංචාරය කරන බවට ඔප්පු වී ඇති ඕනෑම අයෙකුට ඔවුන් ආපසු පැමිණි විට නීතිමය වගවීම සහ දැඩි දඬුවම්වලට යටත් වීමට සිදුවන අතර, වසර තුනක කාලයක් සංචාරය කිරීම තහනම් කරනු ලබනවා" එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කිරීම හෝ සංක්‍රමණය කිරීම සෞදි අරාබිය විසින් තහනම් කර තිබේ.