මේ වන විට කොරෝනා වෛරසය පැතිරී පවතින රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිවෙකුට පුද්ගලයෙකු පොලොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (23දා) දහවල් තීරණය කළ බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා මෙසේ ද කීය.
"මෙම කමිටුවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමා කීවා වගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල,ආරක්ෂක අංශ,පොලිසිය හා අත්‍යවශ්‍ය සේවා සපයන අය පිට දිස්ත්‍රික්කවල වැඩ කරනවා.ඒ අයට නිවාඩු හම්බවෙනවා.නමුත් ඔවුන්ගේත් අපේ හැමෝගෙමත් පරිස්සමට අපි මේ තීන්දුව ගන්නෙ.
අර වගේ රතු දිස්ත්‍රික්කවලින් පැමිණෙනවා නම් අපි ඒක නවත්වමු.අපි ඔවුන්ගෙනුත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රතු දිස්ත්‍රික්කවල ඉදලා මේ දිස්ත්‍රික්කයට එන්න එපා කියලා.
ඒ වගේම අනිත් දිස්ත්‍රික්කවලින් එනවා නම් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සහතිකයක් මත තමයි එන්න පුළුවන්.ඒ වගේම කිසිම ආකාරයකට ගොවිතැන් සඳහා පිට දිස්ත්‍රික්කවලින් කිසිම කෙනෙක් ගෙන්න ගන්න එපා.
ඒන්න දෙන්න එපා.ප්‍රධාන ස්ථාන කිහිපයක් පමණක් තියලා ඇතුළු වීමට අනෙක් ස්ථාන වැහුවට කමක් නෑ.නැතිනම් අපට මෙය පාලනය කරගන්න බැරි වෙනවා.ඒ වගේම සැක සහිත දිස්ත්‍රික්කවලට යාම සම්බන්ධයෙන් අපි දැඩිව ඉන්න වෙනවා.මේ තීන්දුව අපිට ගන්න වෙනවා.කොරෝනා අවදානම් දිස්ත්‍රික්කවල සිට පැමිණීම තහනම් කරන්න අපට සිද්ධ වෙනවා. අත්‍යවශ්‍ය සේවා හැර. සෙසු දිස්ත්‍රික්කවලින් එනවා නම් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකය තිබිය යුතුයි.”