රටේ පවතින වත්මන් තත්ත්වය මත රටේ ඉදිරි දින කිහිපයේදි කිසිසේත් රට වසා දැමිමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ කිසිදු ප්‍රදේශයක් හුදකලා කිරිමට හෝ සංචරණය සිමා කිරිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.
මේ වන විට රටේ කිසිදු ප්‍රදේශයකින් කෝවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා නොවන බවත් ඔහු සඳහන් කරයි.
