ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ රැකවරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල සමග එක්ව නිරන්තරව ක්‍රියා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
දළ වශයෙන් ලක්ෂ 13කට අධික පිරිසක් විදේශයන්හි සේවයෙහි නිරත වුවත් එයින් 52401ක පිරිසක් පමණක් මෙරටට ඒම සදහා ඉල්ලුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය. එයිනුත් දස දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවට ගෙන්වමින් සිටින අතර රටවල් 117ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා අනාවරණය කළේය. එයින් රටවල් 38ක සිට ශ්‍රී ලාංකිකයින් 9588කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණි අතර තවත් රටවල් 10ක සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීම සදහා ජුනි මස 24 දින සිට ජූලි මස 07 දක්වා ගුවන් ගමන් වාර 10ක් සිදුකිරීමට නියමිතව පවතින බවද පැවසීය.
