ජාත්‍යන්තර වශයෙන් රටට අප කීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිත නියෝජිතයන් සමග අද (30දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා නීතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් සාමය පවත්වාගෙන යාමට රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ජනපතිවරයා මෙහිදී වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා තිබේ.