කොවිඩ් වසංගතය හේතුවෙන් යරට වසා දැමීමක් සිදු නොකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
රට වසා දැමීමක් සිදු නොකර සංචරණ සීමා දැඩිව ක්රියාත්මක කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
මේ අනුව අවස්ථා තුනකදීම ජනපතිවරයා විසින් රට වසා දැමීමක් සිදුනොකරන බව ප්රකාශ කර තිබේ. මීට පෙර කොවිඩ් කමිටු රැස්වීම් දෙකකදී ජනපතිවරා රට වසා නොදමන බව ප්රකාශ කර තිබේ.
කොවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇති බවත් ඒ සඳහා සියලු ක්රියාමාර්ග ගන්නා බවත් ජනපතිවරයා සඳහන් කර තිබේ.
රට වසා දැමීම හරහා ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බවත් එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යන ජනතාව දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.