කොරෝනා ව්‍යසනයේ දැන් තියෙන තත්ත්වය මත රට මුළුමනින්ම විවෘත යාමට නොහැකි බවත් කොරෝනා වසංගතය ව්‍යාප්තවූයේ එන්නත් කරණයේ ප්‍රමාදය නිසා වූවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (8) බද්දෙගමදී කීවේය.
බද්දෙගම පැවති උත්සවයකින් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ අත්තනායක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ දකීවේය.
අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා සදහම් යාත්‍රා කියලා මැතිවරණ කොට්ඨාසයෙන් කොට්ඨාසයට ආගමික නායක තුමන්ලා මුණගැසෙන වැඩපිළිවෙළක්.ඒක පන්සල පල්ලිය කෝවිල දේවස්ථානය .මේ හැමතැනකටම ගිහිල්ලා එහි ස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා හමුවෙලා තොරතුරු සාකච්චා කිරීම සහ උන්වහන්සේලාගේ අදහස් උදහස් ලබා ගැනීම තමයි මේ වැඩසටහනේ මූලිකම අරමුණ.අපි සෑම සති අන්තයකම ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වනසේ පවත්වනවා.
මේ වනවිට කොරෝනා මර්ධනය කිරීමට රජය දැඩි තීන්දුවකට ආයුතුයි.අද වනවිට රටේ සෑම තැනකම මේ කොරෝනා ව්‍යසනය පැතිරිලා.මේක ලෙහෙසි පහසුවෙන් සලකන්න බැහැ.ඉන්දියාවේ ප්‍රතිචාරය මොකක්ද කියලා අපි දැක්කා.මේක පාලනය කරන්න ඕන රට විවෘත කරගෙන ඒවගේම රට සම්පූර්ණයෙන්ම සාමන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක නෙමෙයි තිබෙන්නේ. අපි කියන්නේ රටේ ආර්ථිකයත් යන්න ඕන.රට සම්පූර්ණයෙන්ම වහන්න තියෙන අමාරුවත් අපිට තේරුම් ගන්න පුළුවන්.ආර්ථිකය විශාල කඩා වැටීමකට හා විශාල මූල්‍ය අර්බුධයකයි මේ වන විට රට තියෙන්නේ.ඒ නිසා අපි යම් සීමාවල් ඇතිකරගෙනයි මේ ව්‍යසනය පාලනය කළ යුත්තේ.
මම දැක්කා විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ විවිධ පාර්ශවයන් අදහස් ප්‍රකාෂ කරලා තිබුණා මේ ගැන .විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය බරපතලයි.මිනිස් ජීවිත බේරාගැනීම වෙනුවෙන් මීට වඩා යම් ආකාරයක පාලනයක් සහිත වැඩපිළිවෙළකට යන්න ඕන.මේකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමාජය විසින් මේ වෛරසය පැතිරීම වලක්වා ගැනීම සදහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග දෙක තමයි වැස්ලීන් ක්‍රියාවලිය නැතහොත් එන්නත් කිරීම වේගවත් කිරීම.එන්නත් කරනය අපි ප්‍රමාදවෙලයි පටන් ගත්තේ.ඒකයි මේ අර්බුධයට මුල.දැන්වත් එන්නත් කරනය කඩිනම් කිරීමට පියවර ගත යුතුයි.විශේෂයෙන් ගම් නියම් ගම්වල තාමත් මේ එන්නත් කරණය කිරීමේ වැඩපිළිවෙල නිවැරදිව කෙරෙන්නේ නැහැ.විශේෂයෙන්ම එන්නත් කරණය කඩිනම් කිරීම මේ අවස්ථාවේදී ඉතාමත්ම අවශ්‍යයි.
විශේෂයෙන්ම රට සම්පූර්ණයෙන්ම විවෘත කරලා යන්න බැහැ.කලාප වශයෙන් හෝ ආසාධිතයින් වැඩි ප්‍රදේශ හෝ හුදකලා කරමින් මෙය පාලනය කිරීමට පියවර ගතයුතුයි.
කොරෝනා ව්‍යසනය දැන් ඔඩි දුවලා ඉවරයි.මේකට නිසි වේලාවට නිසි පියවර නොගැනීම නිසයි එසේ සිදුවූයේ. ප්රමාදවුවත් දැන්වත් කොරෝනා මර්ධනය කිරීමට ආණ්ඩුව පියවර ගතයුතුයි.මේ වනවිට හැම පැයකටම පස් දෙනෙක් මරණයට පත්වෙනවා කියලා වාර්ථා වෙනවා නිල වශයෙන් .ඒක ඉතා භයානකයි මම දැක්කා මේ ගැන මීට මාස කිහිපයකට පෙර වාර්ථාවකින් ඉදිරිපත්වෙලා තිබුණා සැප්තැම්බර් මාසය ඉවරවෙනකොට ලංකාවේ කොරෝනා මරණ විසිදහසක් පමණ වෙන්න පුළුවන් කියලා.ඒක අනුමාන කිරීමක් .හැබැයි දැන් ඒ තත්ත්වයට යමින් තිබෙන බවක් අපිටත් දැනෙනවා.
කොරෝනා රෝගීන් වැඩිවීමත් සමගම අපේ රෝහල් පද්ධතියත් දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කඩා වැටෙමින් තියෙනවා.මේක ඉතා බරපතලයි.රෝහල් පද්ධතිය ඉතිහාසයේ කවදාවක්වත් රෝගයකට මේ වගේ ව්‍යසනයකට පත්වුණේ නැහැ.රෝහල් පද්ධතිය කඩාගෙන වැටුනහොත් ජනතාවට කාගේ පිහිටක්ද.ඒනිසා රෝහල් පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම සහ මේ සදහා ඔරොත්තු දෙන්න පුළුවන් ක්‍රමවේද විකල්ප ක්‍රියා මාර්ග ආණ්ඩුව ගන්න ඕන.විශේෂයෙන්ම ඇදන් දාරිතාව අඩුවෙලා තියෙනවා.ඔක්ෂිජන් ධාරිතාව ඉදිරියේදී අඩු වෙන්න පුළුවන්.මේවා බරපතල ප්‍රශ්න .කොවීඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වැදගත්මදේ තමයි ඔක්ෂිජන්.ඔක්ෂිජන් ප්‍රතිකාර කරන්න සහ හදිසි ප්‍රතිකාර කරන්න තැන් නැතිවුණොත් කොරෝනා රෝගීන්ට මිය යාම තමයි ඉතුරු වෙන්නේ.
මේ දෙක ගැන තදින් පියවර ගනිමින් ක්‍රියාත්මක නොවුණොත් මම හිතනවා තත්ත්වය බරපතලයි.ඉතිං මේ ව්‍යසනය තත්ත්වය අපිට තේරෙනවා.කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යාම රට වටෙන්ම වාර්ථා වෙනවා . මේක පූර්ව තත්ත්වයක්.ඒ නිසා මේකට ප්‍රතිකර්ම කිරීමට ආණ්ඩුව වහාම හදිසි අවස්ථාවක් හැටියට කටයුතු කළ යුතුයි ඒ මහතා අවසන් වශයෙන් කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත