රට ගමන් කරන ආකාරය වෙනස් නොකරන්නේ නම් විකල්ප වැඩපිළිවෙළකට යාමට සිදුවන බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පවසති.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ පාස්කු දා ඇතිවූ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරයට යෑමට බලපාපොරොත්තු වන බවයි.
“අපි ඇත්තටම කළේ මාර්තු 7 කළු ඇඳුම් ඇඳගෙන පල්ලිවලට එන්න කියලා. අපි දේවස්ථාවල විශේෂ මෙහෙයම් කළා.
අප්‍රේල් 21 විවිධ ක්‍රියාකාරකම් තුළින් නැවත නැවතත් හඩගා කිව්වා යුක්තිය ඕන කිව්වා. ඒවා බීරි අලීන්ට වීණා වයනවා වගේ. කොවිඩ් තදින් පැතිරිලා නිසා ජනතාව පාරට බස්සන්න බෑ.
අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා තමන්ගේ නිවසේ ඉන්න කොට කලු කොඩියක් එල්ලන්න.
පාරට බහින්න තිබුණනම් අපි ජනතාව පාරට බස්සනවා. අපි ජාත්‍යන්තර ඉදිරියට යන්න සූදානම් වෙමින් පවතිනවා.
අපි පාප්වහන්සේ හමුවූ විට දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ලිපියක් යවා තිබෙනවා.
අපි ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයක් ලබාගෙන පුළුල් ලෙස ජාත්‍යන්තරයට යන්න. අපි කැමති නෑ කොයිම විදිහටත් රට අපහසුතාවට පත්කරන්න.
අපේ අනෙකුත් ආගමික නායකයන්ගෙන් හා පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ ආකාරයට ඉදිරියට යනවනම් අපි රටක් වශයෙන් එකතුවෙලා රජයට යම්කිසි ආකරයක බලපෑම් කරන්න වෙනවා ජාතික මට්ටමින්.
අපි සෑම කෙනෙකුටම බලපාන ප්‍රශ්න රට තුළ උද්ගතවෙලා තිබෙනවා. යන ගමන් මාර්ගය ඒ අය වෙනස් කරන්නේ නැත්නම් අපිට වෙන විකල්ප වැඩ පිළිවෙලවල්වලට සංවිධානය වෙන්න වෙයි ආගමික නායකයන් හා ජාතික නායකයන් වශයෙන්.”