මෙරට පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි කාර්යාල ඒකාබද්ධව පුද්ගලික බස් රථ යොදාගෙනරට පුරා ක්‍රියාත්මක වන ආකාරයේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසිත විජයතිලක මහතා පවසයි .
උතුරු මැද පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතාගේ යෝජනාවකට අනුව පළාත් නවයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියන්හිසභාපතිවරුන් මේ වන විට අලුතින් ආරම්භ කිරීමට නියමිත එම සේවාව වඩාත් විධිමත් අයුරින් සිදු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව ද ඒ මහතා පැවැසීය .
රට පුරා සාර්ථක අයුරින්පවත්වාගෙන යා හැකි එම භාණ්ඩ භාණ්ඩ ප්‍රවාහන සේවාව මගින්බස් රථ හිමියන්ට ද අමතර ආදායමක් උපයා ගත හැකි වන අතර ජනතාවට වඩාත් කාර්යක්ෂමව අඩු මුදලකින් තම සේවා අවශ්‍යතා සපුරා ගැනීම ගැනීමේ හැකියාව තිබෙන බවදඒ මහතා පවසයි .
එම සේවාව ආරම්භ කිරීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් නවයෙහි සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මේ මස 29 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත බවද හසිත විජයතිලක මහතා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න