නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ(9) පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා විසින් එකම රටක් එකම නීතියක් යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාව පිළිබදව පිළිතුරු කථාව සිදු කරමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය ,
“අප්‍රේල් 21 රටේ ඇති වු තත්ත්වයත් එක්ක සහ අපි සියලු දෙනාම එකම ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය යුතුයි කියලා කල්පනා කරන්න ආරම්භයක් ඇති කර ගන්න මේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන අපි සන්තෝෂ වෙනවා.
අපි ඈත ඉතිහාසය දිහා බලන කොට අවුරුදු දහස් ගණනක් ඈතට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක් හැටියට ඉතිහාසගත වෙලා තියෙනවා.ඉතිහාසයේ මේ රටේ ජාතීන් ඉතාමත් සමගියෙන් කටයුතු කරමින් ජීවත් වෙලා තියෙනවා. අපි රජය හැටියට රජයේ අවශ්‍යතාවය හා කැපවීම සියලු ජාතීන් ගරු කරමින් ජීවත් විය යුතුයි කියන එකයි.
අද එකම රටක් එකම නීතියක් යටතට පත් කරන කොට සමහර වෙලාවට නොයෙකුත් අපහසුතා අති වෙන්නේ අද රටේ නීතිය තුළ එක එක ජන වර්ගවලට වෙන් වෙන්ව නීති ඇති වෙලා තියෙන නිසා ඉංග්‍රිසී නීතියත් රෝම ලන්දේසි නීතියත් විදිහට අද පොදු නීතියක් පවතින වෙලාවක විශේෂයෙන්ම තේසවලාමේ නීතියත් මුස්ලිම් නීතියත් ඒ වගේම අපි සිංහල ජාතිකයින් පිරිසකට උඩරට නීතියත් විදිහට බලපානවා.
මේ නීතින් ඔක්කොම එකට එකතු වෙලා බැලුවත් අපිට කියන්න තියෙන්නේ නීතියේ සමහර අවශ්‍යතාවලදී සමහර නීතින් අනිත් ජාතීන්ට ගැලපෙන්නේ නැහැයි කියන එකයි. මේවා ඇවිල්ල ආගමානුකූලව චාරිත්‍ර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයගේ සංස්කෘතිය තුළින්. යුද්ධයක් අවසානයේ නැවතත් අපි ආපහු ජාතීන් ලෙස බෙදිලා රණ්ඩු කර ගන්නවා ද කියලා හිතන තැනට අද ආපසු ගමන් කරන්නට අර ගෙන තියෙනවා.
ඉතින් මේ වෙලාවේ අපි එකම රටක් හැටියට එකම නීතියක් ගේන කොට මම විශ්වාස කරනවා. ඒ සියලු නීතින්වලට අපි සියලු දෙනාම ගරු කළ යුතුයි කියලා යැයි” අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසිය.