කුරුණැගල රාජසභා මණ්ඩපය විනාශ කර දැමු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ලෙස බල කරමින් අද (22) සමගි ජන බල වේගයේ අපේක්ෂකයන් හා සංඝයා වහන්සේලා ඇතුලු පිරිසක් පිළිමතලාව නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.
මෙම විරෝධතාවයේදි අදහස් දැක්වු තුෂාර සරණතිලක මහතා සදහන් කළ සිටියේ බුවනක බා රජුගේ බිරිදක් මුස්ලිම් කාන්තාවක් කියා නිගරු කරමින් කතා කිරිම සුදුසු නැති බවත් මේ දක්වා කමිටු පත් කරමින් මෙම විනාශය මග අරවා දැමිමට කටයුතු කරණු ලබන බවත් ඉතාම ඉක්මණින් මෙම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස එහිදි කියා සිටියා.
එහිදි අදහස් දැක්වු ගණ්නොරුව විහාරයේ විහාරාධිපති හෙට්ටිපොළ ධිරානන්ද හිමියන් පැවැසුයේ විහාරයක උඵ කැටයක් දැමිමට ගියත් පුරා විද්‍යාවෙන් සංඝයා වහන්සේලාට අවසර නොදෙන තත්ත්වයක ඓතිහාසික රාජසභා මණ්ඩපය විනාශ කර තිබියදි පුරාවිද්‍යා නිලධාරින් හා පොලිසිය නිහඩ වි ඇත්තේ කාගේ බලපැමකටද යන්න පවසා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිමියන් පවසා සිටියේ ඓතිහාසික ගඩලාදෙණිය විහාරයේ විහාරාධිකාරි හිමියන් මල් ආසනය තෙමෙන නිසා එම වහලය පිළිසකර කල බව කියමින් අධිකරණය හමුවට ගෙන්වා එහිදි වැරදිකරු කර 75000 පමණ මුදලක් දඩ මුදල් වශයෙන් ගෙවිමට එම හිමියන්ට සිදුවු බවත් හිමිනමකට එසේ දඩුවම් කරද්දි මෙම වැරදි කරුවන්ට දඩුවම් නොදෙන්නේ ඇයිදැයි ජනතාවට ප්‍රශ්නයක් ඇති වි ඇති බවද හිමියන් පවසා සිටියා.
මෙම විරෝධතාවය පැය කිහිපයක් පිළිමතලාව නගරයේ පැවැති අතර විරෝධතාකරුවන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි වුවා.