කොළඹ රිජ්වේ රෝහලේ කොවිඩ් 19 ආසාදිත දරුවන් හා භාරකරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවට පළවන පුවත සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ අනුව එම ප්‍රවෘත්තිය තුළින් එක් දිනක් තුළ රෝගීන් 30ක් වාර්තා වන බවට හැඟෙන පරිදි වාර්තා වී තිබුණත් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු ආසාදිතයා වාර්තා වී මාසයක කාලයක් ඇතුළත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ අතරින් බොහෝ දෙනෙකු රෝහලට ඇතුළත් කරන විට කරනු ලැබූ පරීක්ෂණ අනුව කොවිඩ් ආසාදිත වී තිබූ දරුවන් බවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම පැහැදිලි කිරීමේ දැ