වවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබු රජරට රැජීන දුම්රියේ ගැටී වනඅලියකු ( 8 ) වනදින දහවල් මරණයට පත්වු බව ගල්ගමුව වනජීවි නිලධාරීන් පවසති.
ගල්ගමුව හා අඹහන්පොළ අතර වු ගැටදිවුල තේක්කවත්ත ප්‍රදේශයේදි රජරට රැජීන දුම්රියේ හස්තියා ගැටි ඇත්තේ උදෑසන 6 .20ට පමණය.
දුම්රිය මාර්ගය මැද සිටි අලියා දුම්රියේ ගැටිමත් සමග පහලට පෙරළි ඇති බවත් හොඩවැල සහ සිරුරේ බොහෝ ස්ථාන කැපි ඇති බවත් වනජීවි නිලධාරීන් පවසති.
දුම්රියේ ගැටිමේන් පසුව පැය දෙකක් පමණ අසාධ්‍යව සිටි අලියා දහවල් මරණයට පත්ව ඇත.
පුත්තලම හිරාන් ප්‍රියංකර