කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමට අදාළව අයඳුම්පත් කැඳවන බව සඳහන් කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රජයේ ඉඩම් කොටසක ස්ථිර නිවාස ඉදිකර, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යන හෝ ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදු කරමින් භුක්ති විදින පුද්ගලයන් සඳහා නීත්‍යානුකූල ලියවිලි ලබා දීමට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි (විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිත කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර) සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.
මෙම අයදුම්පත් ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ ග්‍රාමනිලධාරී/ක්ෂේත්‍ර නිලධාරී වෙත භාරදිය යුතු වෙයි.
අයදුම්පත්භාර ගැනීම එළැඹෙන 30 දා අවසන් වන අතර ඉදිරිපත් වන අයදුම්පත් ප්‍රා දේශීය ලේකම් විසින් ලියාපදිංචි කරන අතර ලියාපදිංචි කරගත් අයදුම්කරුවන් සඳහා 2020/11/01 සිට 2020/11/21 අතරතුර දියන්හි ප්‍රා දේශීය ලේකම් දන්වන දිනයකදී ඉඩම් කච්චේරි පවත්වන බවද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.