දැනට අත්‍යාවශ්‍ය සේවා වලට බදුන්වන රජයේ සහ පුද්ගලික අංශයේ සේවා බාධා වලින් තොරව පවත්වාගෙන යාමටත්,කම්කරු උපදේශන සභාව රජය විසින් කරගෙන යනු ලබන නිරෝධායන වැඩසටහනට සහයෝගය දීමටත් කර්මාන්ත ශාලාවල පැන නගින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබාදීමටත් පියවර ගන්නා බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවේදි තිරණය කර කළේය.
ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සදහා පිහිටුවන ලද කමිටුව හරහා මෙයට විසඳුමක් සැලසීමටත්, අත්‍යවශ්‍ය සේවා ජනතාවට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් මුළු රටම රජය මගින් නැවත නිවේදනය කරන තුරු එම ක්‍රමය පවත්වාගෙන යන ලෙස උපදෙස් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
තවද ආයතන වල මනා ආරක්ෂණ වැඩපිළිවලවල් ක්‍රියාත්මක කිරිමට උපදෙස් මාලාවකින් සමන්විත දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට අද දින තීරණය කරන ලදී. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමේ උපකරණ සෑම ආයතනයකටම ස්ථාපනය කිරීමටත් එම කමිටුව මගින් උපදෙස් ලබා දෙන ලදී. තම නිවසේ සාදා ගන්නා මුඛ ආවරණ පැළද ගැනීමට ජනතාව පෙළඹවීමටත් තීරණය කරන ලදී.
තවද හාම්පුතුන්ගේ සම්මේලනය විසින් කම්කරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කටයුතු කිරීමටත් ,දින දෙකකට වරක් ව්‍යාප්තිය වැඩි නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට කම්කරු කොමසාරිස්වරයා දැනුම්වත් කරන ලදී. රජය හදිස්සි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ආයතන වසා දැමීමට තීරණය කළහොත් එයට සහයෝගය ලබාදීමට හාම්පුතුන්ගේ සංගමය හා සියලු වෘත්තීය සමිති එකඟත්වයට පැමිණෙන ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ 24 පැය පුරා ක්ෂණික දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට සියලුම ආයතන මෙම කමිටුව පිළිබඳව දැනුම්වත් කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.