ඉදිරි අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප රුපියල් පන්දහස් හයසිය හතළිස් නවයයි ශත හැටකින් ඉහළ දමන ලෙස ඉල්ලා රජයට ජනතා පෙත්සමක් භාරදෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
පෙත්සමට අත්සන් ලබාගැනීම හෙට (18දා) සවස 3.00ට කොළඹ කොටුව දුම්රිය පොළ තුළින් ආරම්භ කරන බවද එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
වැටුප් වැඩිවීමට අමතරව අහිමි කර තිබෙන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ඇති කරන ලෙස, වතු කම්කරුවන්ට ස්ථිර මාසික වැටුපක් ලබාදෙන ලෙස හා අර්ථසාධක අරමුදල සුරක්ෂිත කරන ලෙසටද ඉල්ලමින් රජයට පෙත්සම් භාරදෙන බවද ඔහු පවසා සිටියේය.