රජයේ විධායක නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්
- 22 01 2019
- 21:51
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
2018 වසරේ ජනවාරි මාසයේදී නීති ක්ෂේත්‍ර‘යේ පිරිස්වලට පමණක් 340෴ කින් වැටුප් වැඩිකිරීම නිසා විධායක සේවාවල නිරත තිස් පන්දහසකට අධික පිරිසක විශාල වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කළේය.
මෙම ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කමිටුවක් පත්කළ බවත් කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවද අද (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එහෙත් කමිටු වාර්තාව එළිදැක්වීමක් හෝ කමිටු වාර්තාවට අනුව ගැටලු විසඳීමට කටයුතු කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
