රජයේ රෝහල් සායනික ප්‍රතිකාර ගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගින් වෙත තැපැල් මගින් නිවසටම ඖෂධ ලබාදිමේ වැඩපිළිවෙලක් හෙට (5) සට යළි ආරම්භ කෙරේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනය කළේ රෝගින් වෙත ඖෂධ ගෙනවිත් ලබාදිමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකථන අංකය ලබාදිම අවශ්‍ය බවයි.
තමන්ගේ සායනික තොරතුරු නිවරැදිව ලබාදි නොමැතිනම් අදාළ දුරකථන ඇමතුමක් රෝහලට ලබාදි තොරතුරු යාවත්කාලින කළ යුතු බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.