Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.
"මේ වගකීමෙන් මම නිදහස් වෙන්න කැමති නෑ. මේ වගකීම රජය භාරගත යුතුයි. රජය භාර ගන්න කොට බුද්ධි අංශ මාරුකිරිම, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාන එක, ආරක්ෂක අංශ දුර්වල කරපු එක වගකීම රජය භාර ගන්න ඕන.
මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ. අඩුගානේ මට කෝල් එකක් දීලා නෑ.
මේ දෙන්නම අප්‍රේල් 14 දා මට බුලත් දුන්නා. ඒ වෙලාවෙත් මට කිව්වේ නෑ. බුලත් දීලා යන්න ගියා. මේ බරපතල වගකීමක් පැහැර හැරීම දේපළ විනාශය, ජිවිත විනාශය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආර්ථිකයේ බලපෑම ඒ නිසා තමයි මම කිව්වේ දෙදෙනාටම ඉල්ලා අස්වෙන්න කියලා. ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා. මම අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත්කරනවා. පොලිස්පති ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළා. මම හිතනවා අද පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙයි කියලා."
popular news
upul Friday, 26 April 2019 10:31 AM
ඔය රජයේ නෙමේද එතකොට? අපි නම් අහල තියෙන්නේ cabinet මණ්ඩලයේ ප්‍රදානියා ජනාදිපති කියල. දැන් එහෙම නෙමේද?
Reply : 28 78
Chitra Balasuriya Friday, 26 April 2019 12:20 PM
පෝලිමේ පළවෙනියා ඔබ
Reply : 11 60
rocky Friday, 26 April 2019 01:42 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකු ගැන මොනවට කතා කරනවද? මොහු විලි ලජ්ජා නැති මිනිහෙක් වගෙයි කතා කරන්නේ!
Reply : 11 77
Daham Friday, 26 April 2019 01:59 PM
ජනාධිපති රජයේ නොවෙය්ද?
Reply : 19 49
sunil Friday, 26 April 2019 03:34 PM
බුද්ධි අංශ වලට පොදු සමාව එපා.... සමාව ලබා ගැනීමට ඔහුන් වැරැද්දක් කර නොමැත. ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කල යුතුයි...
Reply : 21 1
sene Friday, 26 April 2019 05:03 PM
බින්න කෙලින්න එපා හිටන් , අපිව බිල්ල දීල පැන්නා, බලාගමු ඉදිරියේදී !!
Reply : 12 57
Dayan Friday, 26 April 2019 05:47 PM
මන් හිතාගෙන හිටියේ මෙයා ආණ්ඩුවේ කියල. බබෙකුට අපි චන්දෙ දීල තියෙන්නේ.
Reply : 18 37
Kumar Saturday, 27 April 2019 12:54 AM
ජනාධිපතිතුමනි මේ ත්රුස්තවාදී ක්‍රියාවට ඔබතුමා වගකීම බාරගන්නවා කියන්න. රජය කියන්නෙ ඔබතුමා නේද? වීරයෙක් වෙන්න අකමැතිද?
Reply : 0 0
Saththaya Saturday, 27 April 2019 08:41 AM
බුද්ධි අංශ තියෙන්නේ පුද්ගලික කොන්ත්‍රාත් බාරගන්න නෙවෙයි . වැරදි වලට සැක පිට ඉන්න අය ගැන කතා කරන්නේ ගැලවීමකට කියලයි හිතෙන්නේ . තොරතුරු වෙලාවට ලැබිලත් ක්‍රියා මාර්ග නොගත් එකයි දුර්වලතාවකට තියෙන්නේ . ප්‍රධාන කරුණ , බාරගත් වගකීම් හරිහැටි කෙරුනාද යන ප්රශ්නය . එත් දැන් වෙච්ච් දේවල් වුනා, අනුන්ට බෝල පාස් කරන්නේ නැතුව රටේ සියලු දෙනා දේශපාලන මති මතාන්තරවලින් අයින් වෙලා රට බේරා ගන්න දිරිය ගනිමු . සුදුස්සාට සුදුසු තැන දෙමු , නීත්තියානුකුලව වැඩ කරමු .
Reply : 0 0
AP Kumara Saturday, 27 April 2019 08:42 AM
මෙයා එලෝ විකාරෙන් මෙලොව දොඩවනවා .ඔක්කොම දකින්නේ පස්සේ පතරෙන් TV එකෙන් අනේ මෙහෙම රටේ ලොක්කෙක් .යන්තම් 19 ගෙනත් පොඩි නාස් ලනුවක් වෙටිලා තියනවා .චන්ද්‍රිකා කරපු තරවෙනි වෙරද්ද
Reply : 0 5
ගමගේ Saturday, 27 April 2019 06:48 PM
ආරක්ෂාව බාර ඇමති කව්ද? ආරක්ෂාව සම්බන්ද මිටින් වලට අදාල අයව කැදෙව්වේ නැත්තේ ඇයිද?රටක ආරක්ෂාව ගැන කිසිම හතිලව්වක් අබ ඇටයක දැනුමක් නැති නායකයා කව්ද? රටේ ආරක්ෂාව ගැන වගකීමක් නොගෙන ලෝකේ වටේ පවුල් පිටින් රවුන් ගහල ඇවිත් අනිත් යට බන්නිනේ කව්ද? කරුණාකරලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් මේ ප්‍රශ්න ටික අහල බලලා රටට ලෝකෙට කියන්න.
Reply : 0 29
Demuni de silva Sunday, 28 April 2019 07:19 AM
Security forces
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd