“රජය මුලින්ම පොට වරද්ද ගත්තා. එයාපෝට් ඇරලා සාමාන්‍යයෙන් පිට අයටs එන්න දීලා. ඒත් ඊට පස්සේ රජයේ ඒක හදාගෙන එයාපෝට් වහලා, හොඳ වැඩපිළිවෙලකට ගිහින් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කටයුතු කළා” යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා(21) අලුත්ගම සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වා මෙම අදහස් පළ කළේය.
හැමතැනම දැන් යන කතාව මැතිවරණයක් ගැන. මේක මහජනතාව ළඟ තියෙන කතාවක් නෙවෙයි දේශපාලනඥයන්ට අතර තියෙන කතාවක්. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ අගමැතිවරයාගේ සිට මන්ත්‍රීවරයා දක්වාම මේ අදහස් තියෙන්නෙ මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් කියලා.
ඒක මට නම් විශ්වාස කරන්න බැහැ .ඒකට හේතුව මේ වෙලාවේ මැතිවරණයක් තියන්න කොහොමද? අදත් කොරෝනා වෛරසය හැදුණු අය හමු වූණා. මේක බෝවීම පැතිරීම බොහෝ ඉදිරියට තියනවා. ඒක තියාගෙන මැතිවරණයක් තියන්න ගියොත් අපි මහජනතාවට විශාල පාඩුවක් කරන්නේ. අනිත් එක ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
ජනාධිපතිවරයෙක් ඉන්නවා. තීන්දු අරගෙන ගෙන යනවා. භාරකාර ආණ්ඩුවක් තියෙනවා .ඉතින් තව මොකටද මැතිවරණයක් ගෙනල්ලා මේ වසංගතය තවත් මේ රටේ ජනතාවට බෝ කරන්න අවස්ථාවක් දෙන්නේ?.
මේ ආණ්ඩුව දිනන්න පුළුවන් කියලා හිතාගෙන 2/3 ගන්න පුළුවන් කියලා හිතාගෙන මිනිස්සුන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා හිතාගෙන මිනිස්සු අමාරුවෙ දාලා හරි මැතිවරණයක් තියන්නයි දැන් හදන්නේ.”
අලුත්ගම තුසිත කුමාරද සිල්වා