විධායක ජනාධිපතිවරයා එළඹෙන සුභවාදී යෝජනා සමග රජයේ ඇමතිවරු පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව මහා මාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ඉතා හොඳ තත්වයෙන් තිබියදී රුපියල් ලක්ෂ 672 ක මුදලක් නාස්ති කරමින් නැවතවරක් කාපට් අතුරන බවට ඇමතිවරයාට ලැබී තිබූ පැමිණිල්ලක් පරීක්ෂාවට ලක් කිරීමට මත්තෙගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.
“මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලඹිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.
මේ ගැන විවිධ අය විවිධ කරුණු පවසනවා . නමුත් රජයේ ඇමැතිවරු හැටියට අපි එක් අරමුණක සිටිය යුතුයි. මොකද මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට එලඹෙන ඕනෑම හොඳ යෝජනාවකදී ඇමතිවරුන් හැටියට අපි එතුමා සමග සිට ගත යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න හොඳ නැහැ. අදහස් ඉදිරිපත් කරන්න හොඳ නෑ. එහෙම වුණොත් වෙන්නේ ලොකු විනාශයක් .
මොකද ජනාධිපතිතුමා , අගමැතිතුමා සහ මේ රජය පිහිටවන්න මේ රටේ ජනතාව සද්භාවයෙන් කටයුතු කළේ පහුගිය අවුරුදු පහ තුළ කාලකන්නි රජයක් මේ රට පාලනය කල නිසා. ඒ අගාධයෙන් මේ රට නැවත ගොඩගෙන සංවර්ධනය කරන්න රජය ගන්න හැම ක්රියාමාර්ගයකදීම රජයේ ඇමතිවරු රජයත් සමඟ සිට ගත යුතුයි.
එහෙම නැතුව විපක්ෂය වගේ ඇමතිවරුන් සරුංගල් අරින්න ගත්තොත් මේ රට කවදාවත් ගොඩ ගන්න හම්බෙන්නෙත් නෑ මේ රජය කරගෙන යන්න ලැබෙන්නෙත් නැහැ. විපක්ෂය හැමදාමත් කලේ සරුංගල් අරින එක, ඒකට අහු වෙලා අපේ සමහර ඇමතිවරුනුත් දැන් සරුංගල් අරින්න පටන් අරගෙන .
විපක්ෂයට බලය තියෙන කාලෙ රටේ සම්පත් විකුණන්න දාලා ගිවිසුම් ගහලා සම්පූර්ණ තීන්දු තීරණ අරගෙන මේ රට හිර කරලා තමයි ඔවුන් ජාත්‍යන්තරයට ගියේ. චීනයට ගිහින් හම්බන්තොට වරාය අවුරුදු 198 දුන්නේ මේ රට හිරකරලා .ඒ වගේම ඉන්දියාවටත් ජපානය ටත් ගිවිසුම් ගහන්න ගියේ මේ රට හිරකරල.පැරදුනාට පස්සේ දැන්කියනවා ඒව වැරදියි කියලා.
අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෙ පසුගිය රජය ගත් වැරදි ක්‍රියා මාර්ගමාර්ග පවා නිවැරදි කර ගනිමින්. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාට අගමැති තුමා ඇතුළු රජයේ පූ ර්ණ සහාය ලබා දිය යුතුයි. මේ වෙලාවෙදි ඇමතිවරුන් එක එක න්‍යාය පත්‍ර වලට බෙදිලා කටයුතු කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික දර්ශන පැත්තකින් තියලා කැපවිය යුතුයි .
මේ පිළිබඳව අද සමාජයේ පූර්ණ කතිකාවතක් ඇති වෙලා තිබෙනව. ඒ අතර යහපාලන රජය පරාජය කරලා මේ රජය පත් කරන්න කැපවීම් කරපු මහා සංඝරත්නයත් ඒ අතර ඉන්න්වා. ඇත්තෙන්ම අපි මහා සංඝ රත්නයට ගරු කරනවා මේකේ හොඳ නරක පෙන්වා දීම පිළිබඳව හැබැයි පිරිසක් යටින් ඉඳගෙන මහා සංඝරත්නයත් උසිගන්වනව කියලා අපිට පේනවා . මේ රටේ හැමෝගෙම ආරාධනා කරනවා කිසිදු කුමන්ත්‍රණයකට අහු නොවී අගාධයට පත්ව තිබුණ රට සමගියෙන් සහයෝගයෙන් ගොඩගන්න එක් වෙන්න කියල.”
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න