පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් නොකරන්නේ නම් ඔවුන් සතුව පවතින සියලූ වී තොග රජයට පවරාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත්කර ලබා දිමේ වැඩපිලිවෙල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ළඟදිම ක්‍රියාවට නංවනු ඇතැයි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රණසිංහ මහතා ඒ බව සඳහන් කලේ අද ( 18) වෙනිදා දහවල් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවක් කැදවමිනි.
එහිදි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය,
“රජයේ පාලන මිලට වෙළෙදපොලේ සහල් නොමැති බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි මේ වන විට විශාල වශයෙන් අපට ලැබෙමින් පවතිනවා. මේ පළාතේ මහා පරිමාණ වී මෝල්කරුවන් සහල් කරලා වෙළද පොළට නිකුත් කරන්නේ කිලෝ එකක් රුපියල් 93ක් වැනි මිලකට. සිල්ලර වෙළෙන්දෝ ඒ මිලට අරං 98 කට පාරිභෝගිකයන්ට අලෙවි කරනවා.
කීරි සම්බා කිලෝ එකක් රුපියල් 125කට වඩා ඉහල මිලකට අලෙවි කරනවා කියලා පාරිභෝගිකයෝ චෝදනා කරනවා. මේ කතාව ඇත්ත අපේ රජය ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ රටේ ලක්ෂ 25 කට අධික ගොවි ජනතාව රැකගන්න තමයි වී කිලෝව රුපියල් 50 දක්වා ඉහල දැම්මේ. ඒ වගේම දෙකෝටි විසි ලක්ෂයක් වන සහල් පාරිභෝගික ජනතාව සහනයක් විම සදහයි සහල් මිල සදහා පාලනයක් ඇති කලේ. නමුත් ඇතැම් කූට වෙළදුන් රජය ගෙන ඇති තිරණය සතපහකට මායිම් නොකර සහල් වැඩි මිලට විකුණනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැඩි මිලට සහල් විකුණන වෙළදුන් වැටලිම් කරන්නේ නැහැ කියලත් ජනතාව චෝදනා කරනවා. ඒ කතාව ඇත්ත නිසයි ජනාධිපතිවරයා කිව්වේ ඒ වගේ නිලධාරින් ඉන්නවා නම් ඒ තනතුරු වෙනත් අයට දිලා අයින් වෙන්න කියලා. මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමනුත් ලක්ෂ 25 ක් වන ගොවි ජනතාවත් කෝටි දෙකහමාරක් වන මේ රටේ ජනතාවගේ පැත්ත ගැනිමට ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් පසුබට වෙන්නේ නැහැ කියලා මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුල ජනාධිපති සහ අගමැතිවරයා එකතු වි මේ රටේ වී තොග සගවා වැඩි මිලට සහල් විකුණන මහාපරිමාණ වී මෝල්කරුවන්ට එරෙහිව තින්දු තිරණ ගනු ඇතැයි කියා මා විශ්වාස කරනවා යැයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය. ”
නිමල් ජයරත්න