මෙම අවස්ථාවේදී, ඇතැම් පාර්ශ්වයන් විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධව විවිධ පටු අරමුණු පෙරදැරි කරගත් සාවද්‍ය තොරතුරු සමාජගත කරන බව නිරීක්ෂණය වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්,කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ගතහැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම ක්‍රියාත්මක කරනු ලැබේ.
කෙසේ වුවද, දෙපාර්තමේන්තුවේ සේවකයකු ඉකුත් දිනක පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල වෙත සංචරණය කිරීම හේතුවෙන් එම සේවකයා ආසාදිතයෙකු බව අනාවරණය වූ අතර, ඒ සමගම එම සේවකයා සමග සම්බන්ධ වූ බවට හඳුනාගත් සියලු සේවයකයින් නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන ලදී. ඒ වන විටත් දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලයක් පමණක් වන අතර මීට අදාළ සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ගැනීමටද මේ වන විට කටයුතු කර ඇත.
කෙසේ වුවද,ජනමාධ්‍යවේදීන් නිතර පැමිණෙන ආයතනයක් ලෙස මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සලකා පසුගිය සති දෙකක පමණ කාලයක පටන් ඔවුන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් සිදු නොවීය. මෙහිදී, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පවා මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කටයුතු සම්පාදනය කර තිබුණි.
ඒ අනුව, අන්තර්ජාලය ඇතුලු නවීන තාක්ෂණික පහසුකම් හා ක්රමෝපායන් උපරිම වශයෙන් භාවිතා කරමින් කටයුතු කරන ආයතනයක් වශයෙන් දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය සේවයට කැඳවීම අවම මට්ටමේ පවත්නා තත්වයකදී වුවද, සිය කාර්යයභාරය පූර්ණ වශයෙන් ඉටු කිරීමේ හැකියාව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සතු වේ.
මෙම තත්ත්වය මත රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සිය අත්‍යවශ්‍ය හා දෛනික රාජකාරි කටයුතු කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, ඇතැම් පාර්ශ්වයන් විසින් සමාජගත කරන පදනම් විරහිත ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් දැනුම් දෙමි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දායකත්වය හා මැදිහත්වීම රාජ්‍ය නිල සන්නිවේදන කාර්යයට අත්‍යවශ්‍ය වන, කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ වත්මන් වාතාරණය යටතේ,ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ හා අමාත්‍යාංශ ලේකම් ජගත් පී.විජේවීර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දෙපාර්තමේන්තුවේ කාර්යයභාරය කිසිදු බාධාකින් තොරව, වඩාත් කැපවීමෙන් හා අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ලැබේ.