කොරෝනා අර්බුදය හමුවේ අසරණවූ ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙළින් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉවත් වි නොමැති බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්ද මහතා පවසයි.
ආර්ථික සංවර්ධන නිලධාරීන් අසරණ ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියෙන් ඉවත් වි ගිය බව පරාජිත දේශපාලන පක්ෂවල හා කිසිදු දිනක බලයට පැමිණිය නොහැකි දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්ව සිටින වෘත්තිය සමිති කිහිපයක් විසින් ගෙනයමින් තිබෙන බවත් එම ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මහනුවරදී අද (19) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.
ආර්ථික සංවර්ධන නිලධාරීන් 140,000 ක පමණ සංඛ්‍යාවක් ග්‍රාම සේවා වසම් 140,022 කදී මේ වන විටත් රුපියල් 5000.00 රජයේ දීමනාව ජනතාව අතට පත්කිරීමේ වැඩපිළිවෙල හා බද්ධව කටයුතු කරන බවත් එම වැඩපිළිවෙල අවුල්කර දේශපාලන වාසි ගැනීමට පරාජිත දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන බවත් වතුලියද්ද මහතා කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්ද මහතා මෙසේද පැවසීය.
"ආර්ථික සංවර්ධන නිලධාරීන්ට දේශපාලන ඉලක්ක නැ. මේ මොහොතේ රජය පවරා දී තිබෙන වැඩකොටස රාජ්‍ය නිලධාරීන් ලෙස ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. සමාජිකයින් 10-12 ක් එකතුකර ගැනිමට නොහැකි වෘත්තිය සමිති සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවා ජනතාව මුලා කිරීමට උත්සාහ කිරිමක් මේ මොහොතේ කරගෙන යන්නෙ රජය අපොහොසත් කිරිමටයි.
ජනපති හා අගමැති සෞඛ්‍යත් ආරක්ෂක අංශත් ඒකාබද්ධ කරගනිමින් කොවිඩ්-19 වසංගතයෙන් රට මුදා ගැනීමට විධිමත් වැඩපිළිවලෙක් ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිපල අත්කරගෙන සිටින අවස්ථාවේදි ජනතාවට සහන සැලසීමට රජය ගෙනයන වැඩපිළිවෙල අවුල් කිරීමේ කිසිදු වුවමනාවක් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට නැ. එසේ සිදුකරන කණ්ඩායම් සිටිනම් එය ජනතාවට කරන අසාධාරණයක් බවද එහිදි සදහන් කළේය.
වෘත්තිය ගැටලු තම සංගමයටද තිබෙන බවත් ඒවා දිනා ගැනීමට මෙය අවස්ථාව නොවන බවත් මේ අවස්ථාවේදි ප්‍රමුඛතාව දිය යුත්තේ කොවිඩ්-19 වසංගතයෙන් රට මුදා ගැනීමටත් ජනතාව පත්ව සිටින අසීරුතාවෙන් මුදා ගැනීමත් යැයද" එහිදි ප්‍රකාශ කළේය.