මහා මැතිවරණය සඳහා නීත්‍යානුකූලව නාමයෝජනා භාර දිය යුතු නිසා අද දිනයේ නාම යෝජනා භාර දුන් බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ රජය ගන්නා ඕනෑම තීරණයකට තම පක්ෂය එකඟවි පක්ෂයක් වශයෙන් ඉදිරි දෙසතිය තුළ සියලු මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ( 17) වනදා පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිය නාම යෝජනා භාර දිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් මහනුවරට පොහොට්ටුව යටතේ තරඟ කරන බවත් ඇතැම් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මතුව ඇති මතභේද සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් එය අද දිනයේ විසඳෙනු ඇති බව මහින්දානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.