අප විපක්ෂයක් වශයෙන් ජනතාව ගැන සිතලා සහන ලබාදීමට රජයට යෝජනා ඉදිරිපත් කරනු ලබනවා. ඒත් මේ වන විට රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය වාසියට යටත්වෙලා ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැහැ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා එලෙස පැවසූවේ දැනට අසනීප තත්ත්වය මත පසුවන ගල්කිස්ස ශ්‍රී ධර්පාලාරාම විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්රාමහපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පලකරමින්ය .
ඒ මහතා මෙසේද කීය,
අද රජය රටේ සියලු ප්‍රශ්න පසකට දාලා 20 වන සංශෝධනය පසුපස වසීවෙලා යනවා . ඒ නිසාම කොරෝනා වසංගත තත්ත්වයටත් ප්‍රතිකර්ම නොයොදා පැත්තකට දාලා තියෙනවා. ඒ නිසා අද බරපතල තත්ත්වයක් රටපුරා මතුවෙමින් යනවා .
අපි එදා රජය කොරෝනා ව්‍යසනයේදි ජනතාවට රුපියල් 5000/= ක් ලබා දෙන්න යනවිට රජයට යෝජනා කලා රුපියල් 20,000/= ක් ලබා දෙන ලෙසට . ඒත් පසුගිය මැතිවරණයේදී ඒවා ඕනේ නෑ කියලා රටේ ජනතාව ලක්ෂ ගණනින් කියලා 2/3 ක බලයක් ඇති රජයක් පත්කර ගන්න ගියා. ඒත් අද මොනාද වෙලා තියෙන්නේ .
ඒ අනුව අප විපක්ෂයක් වශයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් රජයට යෝජනා කීපයක් ඉදිරිපත් කලා .එකක් කොරෝනා කාලයේ ගිලන්වූ අයයි ගිලන් නොවූ අයයි එකට බස්රථවල දාගන කදවුරු වලට රැගෙන යන අයුරු .පාර්ලිමේන්තුවේත් කථාකල පසු එය නතර කලා . තවත් සෞඛ්‍ය වෛද්‍යවරු , කම්කරුවන්, කාර්ය මණ්ඩල සියලු දෙනා එකට නිරෝධායනයට ගෙන ගියහැටි කතාකලා එදා සවස එයත් නතර කලා .
මා මීට දින කීපයකට උඩදී ඉල්ලා සිටියා ජනතාවට ලබාදියයූතු සහන බොරු ඇස්බැන්දුන් නොකර කඩිනමින් ලබා දෙන්න කියලා .ඒ අනුව අද කෙටි පණිවුඩයකින් දැනගන්න ලැබුනා ඒ සදහා යම් සහනයක් ලබාදෙන්න යන බවටත් . ඒ අනූව රජයේ අඩුපාඩුත් පෙන්නා දෙමින් ජනතාව වෙනුවෙන් ඒ සදහා විකල්ප වැඩසටහන් ගණනක් රජයට ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ඒවාට වඩා රජයට මේ දිනවල 20 වන සංශෝධනයට වසි වෙලා නිසා සියල්ල අමතකවිගෙන යන බව පෙනී යනවා.
දෙහිවල එච් එම් ධර්මපාල