Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර ගැන විදේශයන්ගෙන් කලින්ම ලැබුණ බුද්ධි තොරතුරු පිළිබඳව තමන් දැනුවත් කිරිමට වගකිවයුතු නිලධාරින් කටයුතු නොකළ බවත් ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි පැය 24 ක කාලය තුළදී රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
අට පේල් ග්රමයාගේ මොලය Wednesday, 24 April 2019 04:25 AM
නොදකින් විතරක්... මහා ලොකුවට ඔක්කොම police, defense, law enforcement බාරගෙන දැන් මෙයා දන්නෙත් නැතිලු... කාටද ඔයි ඕව කියන්නේ... රටේ නැතිව අර තුත්තිරි මේ තුතිරි කෝවිල් ගානෙයි දරු පවුල් එක්ක රට සවාරියි මිසක් මෙයා මොනවද කොරන්නේ... වහාම අස්වෙලා ඔය රාජකාරිය දන්නා කියන පළපුරුදු හොරකම් නොකර යුද්දය දිනවපු ෆොන්සේකා වගේ නිර්භය අයෙකුට වහාම බර දෙන්න දෙයියන්ගේ නමෙන් ... මෙයා වගේ,ගමේ දිනලා දුන්න අයට පයින් ගහල තමන්ගේ බඩ ගොස්තරය ලොකු කර ගත්ත රිලව් කලවෙද්දෙක් ඉතිහාසයේ අහල වත් නැත ...
Reply : 0 36
Don Wednesday, 24 April 2019 07:48 AM
රාජ්‍ය ඔත්තු සේවය බුදියගෙනද හිටියේ? උන් ඔක්කොම එලවල දාන්න.
Reply : 0 0
Silva Wednesday, 24 April 2019 08:40 AM
ජනාධිපති තුමනි ඔයවගේ රහස්‍ය තොරතුරු පත්තරේ යන්නේ නැහැ.. එකයි ඔබතුම දැනුවත් වී නැත්තේ
Reply : 0 0
Champa Wednesday, 24 April 2019 09:04 AM
පට්ට බොරුවක්. හැමදාම කියන්නේ මේක. ,මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. රාජ්‍ය ඔත්තු සේවය තියෙන්නේ කාගේ යටතේද? රටේ ජනාධිපති තමයි ආරක්ෂක ඇමති, සේනාධිනායක සහ ඒ මදිවට ගත්ත තව නීතිය සහ සාමයත්. රට ඇතුලේ කිසිම සාමකාමී වාතාවරණයක් තිබිලා නැහැ. 2015 ආපු දවසේ ඉඳන් රට අනාරක්ෂිතයි. ත්‍රිවිධ හමුදාපතිවරු මක් කරන්නද? දෙමලුන්ගේ කීම අහල උතුරේ සංග්‍රාමික වශයෙන් ඉතාම වැදගත් ඔක්කොම හමුදා කඳවුරු වහල දැම්ම දැම්ම. පොලිසියට මිනිස්සු ඇත අඩංගුවට ගන්න දුන්නේ නැහැ සහජීවනය නැති වෙයි කියල. සහජීවනය නෙමයි මොකක්ද අර හැම තිස්සෙම කටේ තියෙන වචනේ මට කේන්තියට වචනේ මතක නැහැ. ඒ හින්ද ඒක නැති වෙයි කියල පොලිසියට සැක කටයුතු කවුරුවත් අල්ලන්න දුන්නේ නැහැ. අවුරුදු 4ම උතුරට එක නීතියක් දකුණට එක නීතියක්. ඒ හින්දා උතුර නැගෙනහිර අරාජික වෙලා පාලනයක් නැතිවෙලා වෙන්න මොනවාද කියල කවුරුවත් දැනන් හිටියේ නැහැ. මේක අපේක්ෂා නොකළ එකක් වෙන්නේ කොහොමද? කලින් දැනන් හිටිය කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. දෙගොල්ලොම හිතුව ගහන්න ඇරලා ඒ පිටින් දාල චන්ද එහෙම කල් දාගන්න පුළුවන් කියලා. ඒ හින්ද සද්ද නැතුව හිටිය. අර ආරක්ෂක ලේකම් කියන්නේ දැනන් හිටිය මෙච්චර ලොකුවට ක
Reply : 0 0
Champa Wednesday, 24 April 2019 09:20 AM
ආරක්ෂක ලේකම් කියන්නේ ප්‍රහාරයක් ගැන දැනන් හිටිය මේච්ච ලොකු එකක් කියල ඉතුවේ නැහැ කියල. අර memo එකේ හැටියට පොලිසියට දැනුම් දීල තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය. පොලිස්පතිට ආණ්ඩුව බාර දීල තිබුනේ සද්දේ වහල දේශපාලකයන්ව විතරක් දැනුවත් කරල එවුන්ව විතරක් බේරන්න කියල. පොලිස්පති දීපු වැඩේ හරියට කරලා තියෙනව. එක දේශපාලකයෙක් මලේ නැහැනේ . මැරුණේ අහිංසක මිනිස්සු. හෙන ගහනවා තොපිට. මැස්සෝ මදුවුරෝ ගානට මිනිස්සු මරණ කම් බලා හිටිය. ඉස්සෙල්ලම කරන්න ඕනේ ආරක්ෂක ලේකම්ව ගෙන්නලා හිසට වෙඩි තියන එක. හරිනම් අද මුළු රටම පාරට බැහැල ජනාධිපතිට අස් වෙයන් කියල. ඒක වෙන්නේ නැත්තේ එක ද්‍රෝහියෙක් අස් වුනහම වැඩ බලන්නේ ඊට වඩා වැඩි ද්‍රෝහියෙක් නිසා. මින්ස්සු නිශ්ශබ්දව ඉන්න එකෙන් හිතන්න එපා ජනාධිපති අගමති ඇතුළු පර ආණ්ඩුව මුස්ලිම් ත්‍රස්තවාදියෝ ලව්වා අහිංසක මිනිස්සු මරපු එක දන්නේ නැහැ කියලා. රටම දන්නවා කතාව. බෝම්බ ප්‍රහාරය වෙන දවස් වල ජනාධිපති රටෙන් පිටට වෙලා හිටිය. මෙච්චර දෙයක් වෙලත් එන්න කිසි හදිස්සියක් තිබ්බේ නැහැ. මුළු ආණ්ඩුවේම body language එකෙන් කියවෙන්නේ කලින් දැනන් හිටිය කියන එක. බලාපොරොත්තු නැති ප්‍රහාරයක් නම් මෙහෙමද හැසිරෙන්
Reply : 0 0
එම්. ඒ. ජේ. Wednesday, 24 April 2019 09:25 AM
ඔබතුමා රටේ ජනාධිපති නමින් පෙනි සිටින මේ රටේ සිටින "හොඳම දේශපාලකයා". ඔබතුමා රටේ ආරක්ෂකාවේ මුල් සෙන්පතියා. එම තනතුරේ බැරැරුම් බව තේරුම් ගන්න. ඒ අනුව පරිනත පුද්ගලයෙකු සේ හැසිරෙන්න - නිකං රට්ටු හිනස්සන විහිලු කථා කියන්න එපා. ඔබතුමාලා මුලු රටම දේශපාලකයින් දේශපාලන-මද කෙලියේ යෙදෙන මඩගොහොරුවක් කරලා. දැන් රට මේ අපායෙන් ගොඩ ගන්න අමාරුයි. ඔබලාගේ අනුවන කම්වලට ලෙයින්-මසින් වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව. දැන් ඔබ තුමාලගේ අණට වැඩ කරන නිළධාරින්ට දොස් කියන්න එපා. වෙච්ච දේ නිවැරදිව තේරුම් අරන් දැන්වත් "රට - ජාතිය - ජන්මය" යන උත්තරිතර සංකල්පවල අර්ථවත් බව තේරුම් අරන් වැඩ කරන්න. රටේ "අනාගතය ගැන සංවේදි වන්න" උත්සාහ ගන්න. ඔබතුමා ජනපති තනතුරෙන් ඉවත්වෙලා යන්න පෙර රට වෙනුවෙන් කුමන හෝ සේවයක් කර යන්න.
Reply : 0 0
Champa Wednesday, 24 April 2019 09:44 AM
තව බොරු කියල තියෙනවා මේකේ. LTTE එක දේශීය වශයෙන් ශක්තිමත් ත්‍රස්තවාදී සංවිධානයක්ලු. CIA එක ඒ කාලේ කිව්වේ LTTE එක කියන්නේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානේ කියල. LTTE එකේ අවුරුද්දකට ආදායම ඩොලර් මිලියන් 300ක් කියල Crisis Group report එකක තිබුන. LTTE එකත් එක්ක බලනකොට තව්හීඩ් ජමාත් මොක්කුද? මේ පාන්පාරුවෝ ටිකක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරනවා කියල කලින්ම ආණ්ඩුවට ඔත්තුවත් ලැබෙන්න සලස්වල ඇවිල්ල ගහපු එක නවත්තන්න බැරි වුනා වහල් ආණ්ඩුවට. ඕක කරන්න ඉස්සෙල්ල ඔවුන් ටික ලේසියෙන්ම අල්ල ගන්න තිබ්බ. ඒක උවමනාවෙන්ම නොකර හිටිය හේතු කිහිපයක් හින්ද. 1.) රට අරාජික වුනහම රටේ කලබල අස්සේ ඇමරිකාවත් එක්ක SOFA ගිවිසුම අත්සන් කරන්න. ජනාධිපති 2017 ඉවර වෙච්ච ACSA ගිවිසුම නැවත කාලය දික් කරලා තියෙනවා රටට හොරෙන්. 2.) තව මාස 5-6 කින් තියන්න ඕනේ ජනාධිපතිවරණෙ මේක පිටින් දාල හරි, ආණ්ඩුවම තැන තැන්වල මේ හා සමාන බෝම්බ පුපුරවල හරි කල් දාගන්න එක. අනිවර්යයනෙම මෙහෙම තකාවක් තිබිල තියෙනවා. මේක තමයි action එකක් නොගන්න ප්‍රධාන හේතුව. නැත්නම් මොන රටේද දෙයියනේ, මරාගෙන මරණ ප්‍රහාරයක් වෙනවා කලින් දැනුම් දීලත් නිකම් ඉන්නේ?
Reply : 0 0
dilal Wednesday, 24 April 2019 01:12 PM
ඔබතුමා හැමදාම කියන්නේ පත්තරෙන් දැනගත්ත කියලන, මේක පත්තරේ පලනොවුන නිසයි ඔබතුමාට දැනගන්න නොලැබුණේ?ඔබතුමා කීප අවස්ථාවකම කියනවා මට ඇසුනා යුද්දයේ අවසාන දවස්වල ජනාධිපතිතුමාවත් හමුදාපතිවරයවත් ලංකාවේ හිටියේ නැහැ වැඩබලන ආරක්ෂක ඇමති වසයෙන් ආරක්ෂක කටයුතු මෙහෙව්වේ ඔබතුමා කියා .නමුත් ඔබතුමා විදේස ගතවන විට වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙකු පත්නොකිරීම ලොකු අඩුවක් කියනවා ඇසෙනවා.එහි සත්වතාවයක් තිබෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd