ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායතනයේ ප්‍රධාන නිලධාරීවරයෙක් අධික ලෙස බීමත්ව සිටීම නිසා, ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයෙන් බස්සවා තිබේ.
මෙම නිලධාරියා අද අලුයම අලුයම 3.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියිමත වූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරණ ගුවන් යානයට ගොඩ වී අසුන් ගෙන සිටියේය.
ඒ වනවිටත් ඔහු අධික ලෙස බීමත්ව සිටීම නිසා , එම ගුවන් ගමනට ඔහුගෙන් බාධා එල්ලවිය හැකි නිසා ගුවන් යානා කාර්යය මණ්ඩලය මෙම නිලධාරීවරයා මෙම ගුවන් යානයෙන් බස්සවා ගෙන , ලිඛිත ප්‍රකාශයක් ද සමගින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත භාර දී තිබේ.
ටී.කේ.ජි. කපිල