සිය කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.
ඉන් අනතුරුව තමා හා තම ආශ්‍රිතයින් පරීක්ෂණ වෙත භාජනය වූ බවත් එම පරීක්ෂණ සියල්ලින් තමා හා තම ආශ්‍රිතයින් සියල්න්ටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය උපදෙස් පරිදි තමා ස්වයං නිරෝධායනයට යොමුවන අතර ඉදිරි දින දාහතර තම නිවස තුළ ගත කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.